රස වෑහෙන ටින්මාළු කරියක් හදමු

0
12


ලංකාවේ බොහෝ දෙනා අතර සැමන් (ටින්මාළු) ජනප්‍රිය කෑමක්. ඉතින් ඉක්මනින් පහසුවෙන් සැමන් කරියක් රසට හදා ගමු නේද?

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පොඩි සැමන් ටින් 1
  • උකු පොල් කිරි කෝප්ප 1/4
  • කුඩාවට කපා ගත් රතු ළූණු සහ අමු මිරිස්
  • කුඩා තක්කාලි ගෙඩි 1
  • තලා ගත් සුදු ළූණු බික් 2
  • රම්පේ සහ කරපිංචා ස්වල්පයක්
  • එනසාල් කරලක්
  • තුඩා කුරුඳු පොත්තක්
  • තුන පහ කුඩු තේ හැඳි 1/2
  • කහ කුඩු තේ හැඳි ¼
  • මිරිස් කුඩු තේ හැඳි 1
  • මාගරින් හෝ තෙල් ස්වල්පයක්
  • ගම් මිරිස් කුඩු
  • රස අනුව ලුණු

 සාදන අයුරු :

පළමුවෙන්ම ඇතිලියක් මද ගින්දරේ ලිප තබා තෙල් ස්වල්පයක් එක් කරන්න. එයට මිරිස් කුඩු ටික එක් කර  බැදෙන්න හරින්න. එයටම සුදු ළූණු, රම්පේ, කරපින්චා, තක්කාලි, එනසාල්, කුරුඳු, තුන පහ,  ගම් මිරිස්, කහ  ආදිය එක් කොට මද වේලාවක් තෙම්පරාදු කරන්න. අනතුරුව සැමන් එකේ වතුර ටික එක් කර එය උතුරන විට  පොල් කිරි ටික එක් කර සැමන් කැබලි ටික ද එක් කරන්න. කිරි උතුරා තෙල් පෑදී කරිය උකු වන තෙක් පිස ගන්න. කැමති නම් සැමන් කරිය ලිපෙන් බා ගත් පසු දෙහි යුෂ ස්වල්පයක් ද එක් කර ගැනීමෙන් රස වැඩි කර ගත හැක.

සැමන් කැබලි වැඩි පොඩි විය හැකි බැවින් වැඩි වේලාවක් ලිපේ තැබීමෙන් වළකින්න. එසේම හැඳි ගෑමෙන් වැලකී සැමන් භාජනය සෙලවීමෙන් පමණක් මිශ්‍ර කර ගැනීමෙන් සැමන් පොඩි විම වළකා ගත හැක. බත්, පාන්, ආප්ප, ඉඳිආප්ප, කිරිබත් ආදිය සමඟ පිළිගැන්විය හැකි මෙම රස වෑහෙන සැමන් කරිය හදන්න අමතක කරන්ක එපා.

– කල්හාරී –

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here