රස වෑහෙන චොක්ලට් බිස්කට් පුඩිං හදන්නේ මෙහෙමයි

0
13


රසම රස චොක්ලට් බිස්කට් පුඩිං සකසා ගැනීම හරි ම ලේසි වැඩක්. බේක් කරන්න උයන්න පිහන්න ඕනෙ නැති හින්දා අවන්, කුකර්, බ්ලෙන්ඩර් අනංමනං ඕනෙ ම නෑ. හදාගන්න වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. උපරිම පැය බාගයයක් පමණයි ගත වෙන්නේ .

ඉතින් මේක ඉතාමත් පහසුවෙන් හදා ගන්න පුළුවන් අතුරුපසක් නිසා ඔබටත් පහසුයි ඒ වගේම පොඩ්ඩෝ වුණත් ආස ම කෑමක්නේ චොක්ලට් කියන්නේ .

අවශ්‍ය ද්‍රව්‍ය

මාගරින් ග්‍රෑම් 250ක්

අයිසිං ෂුගර් ග්‍රෑම් 500ක්

කොකෝවා පවුඩර් මේස හැඳි 3 – 4ක්

බිත්තරයක්

වැනිලා තේ හැන්දක්

මාරි බිස්කට් පොඩි පැකට් 3 – 4ක්

කිරි ටිකක්

කජු කෑලි ටිකක්

සාදා ගන්නා ආකාරය

පළමුවෙන්ම මාගරින් ටික භාජනේකට දාල හොඳට බීට් කරගන්න.

ක්‍රීම් එකක් වේගෙන එනකොට අයිසිං ෂුගර් එකතු කරන්න.

ආයෙත් හොඳට බීට් කරලා කොකෝවා පවුඩර් ටික මිශ්‍ර කරන්න.

හොඳ ක්‍රීමි ගතියක් එනකොට බිත්තරය සහ වැනිලා තේ හැඳි 1 මිශ්‍රණයට එකතු කරන්න.

නැවත හොඳින් බීට් කරන්න ( දුඹුරු පාට ලස්සන ක්‍රීම් එකක් ලැබෙනකන්)

දැන් භාජනයක් අරං (වීදුරු භාජනයක් නම් වඩාත් හොඳයි) ඒකට චොක්ලට් ක්‍රීම් එකෙන් ටිකක් දාල හොඳින් අතුරගන්න.

වෙනත් භාජනේකට කිරි ටිකක් (පිටි කිරි හෝ දියර කිරි) දාලා මාරි බිස්කට් ඒකෙ පොඟවන්න.

දැන් අර චොක්ලට් ක්‍රීම් තට්ටුව උඩින් පොඟවපු බිස්කට් ලේයර් එකක් අතුරන්න.

සැලකිලිමත් විය යුතු දේවල්

මාරි බිස්කට් ඉක්මනින් පෙඟෙන නිසා වැඩි වෙලාවක් කිරිවල තියෙන්න දෙන්න එපා. එතකොට කැඩිලා අහක යන්න පුළුවන්. ඒ හින්ද කිරිවල දාපු ගමන් ගන්න .

ඉතින් මේ විදිහට ක්‍රීම් ලේයර් එකයි බිස්කට් ලේයර් එකයි මාරුවෙන් මාරුවට අතුරගන්න.පසුව අවශ්‍ය පරිදි කජු ඉසින්න.

දැන් පැය බාගයක් ෆ්‍රීසර් එකේ තියන්න.

පැය බාගෙකින් පස්සෙ ඔබට පුළුවන් චොක්ලට් රස වෑහෙන චොක්ලට් බිස්කට් පුඩිමක රස බලන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here