01. අමු අඹ ජෑමි
අවශ්‍ය ද්‍රව්‍ය:-
ග්‍රෙට් කරගත් අමු අඹ 500g (ඇඹුල් ගතිය වැඩි අඹ නම් වඩාත් හොඳයි)
සීනි 350g
වතුර කෝප්ප 4
දෙහි මේසහැඳි 2
- අඹ පොතු ඇරලා ග්‍රෙට් කරගන්න.
- පෑන් එකකට දාලා ඒකට වතුර දාල විනාඩි 15-20 තම්බා ගන්න.
- තම්බාගත් අඹ පොඩි කරලා පෙරා කෙඳි ඉවත් කරගන්න.
- පෑන් එකකට සීනි, පොඩි කරලා පෙරා ගත් අඹ දා ගන්න.
- මිශ්‍රණය උකු වෙනතෙක් හැඳි ගාන්න.
- දෙහි යුෂ එකතු කර ගන්න.
- විෂබීජහරණය කළ භාජනවලට දමා ශීතකරණයේ තියන්න.
02. පැණි වරකා ජෑම්
අවශ්‍ය ද්‍රව්‍ය:-
ඇට ඉවත් කරලා බ්ලෙන්ඩ් කරගත් වරකා 500g
සීනි 350g
දෙහි යුෂ මේසහැඳි 1
- පෑන් එකකට වරකා, සීනි දාලා හොඳින් මිශ්‍ර කර ගන්න.
- ලිප තියලා මද ගින්දරේ දියාරු ගතිය නැති වනතුරු හැඳිගාගන්න.
- දෙහි යුෂ මිශ්‍ර කරගන්න.
- ජෑම් විෂබීජහරණය කළ භාජනවලට දමා ශීතකරණයේ තියන්න.
03. ක්‍රීමි දූරියන් ජෑම්
අවශ්‍ය ද්‍රව්‍ය:-
බ්ලෙන්ඩ් කරගත් දූරියන් කෝප්ප 1 ½
පොල් කිරි කෝප්ප 2 ක්
සීනි කෝප්ප 1
ලුණු තේහැඳි ¼
- පෑන් එකකට දූරියන්, කිරි, සීනි, ලුණු දාලා හොඳින් මිශ්‍ර කර ගන්න.
- මඳ ගින්දරේ දියාරු ගතිය නැති වෙන්න විනාඩි 30 පමණ උකු වෙනතුරු හැඳි ගාන්න.
- විෂබීජහරණය කළ භාජනවලට දමා ශීතකරණයේ තියන්න.
04. ඇපල් ජෑම්
අවශ්‍ය ද්‍රව්‍ය:-
බ්ලෙන්ඩ් කරගත් ඉදුණු ඇපල් 500g
සීනි 350g
වතුර මිලි ලීටර් 350
දෙහි යුෂ මේසහැඳි 1
කුඩා කුරුඳු පොතු කැබිලි 1ක්
- ඇපල් පොතු ඇරලා හොඳින් පොඩි කර ගන්න.
- පෑන් එකකට සීනි, වතුර, ඇපල් මිශ්‍ර කරලා කැටි ගැහෙන්න පුලුවන් නිසා නොකඩවා මද ගින්දරේ මිනිත්තු 30 ක් විතර හැඳි ගාන්න.
- ඒකට දෙහි යුෂ කලවම් කරන්න.
- කුරුඳු එකතු කරන්න.
- මිශ්‍රණය උකු වෙනතෙක් තවත් විනාඩි 2-3 ක් හැඳි ගාන්න.
- ජීවානුහරණය කළ බෝතලයකට දමා ශීතකරණයේ තබන්න.
05. ඇඹරැල්ලා ජෑම්
අවශ්‍ය ද්‍රව්‍ය:-
ඇඹරැල්ලා 500g
සීනි 350g
වතුර කප් 2-3
දෙහි යුෂ මේසහැඳි 1
- ඇඹරැල්ල පොතු ඇරලා ග්‍රේට් කර ගන්න.
- පෑන් එකකට දාල ඒකට වතුර දාලා විනාඩි 15-20 තම්බා ගන්න.
- හොඳින් තම්බාගත් ඇඹරැල්ලා පොඩි කරලා පෙරා කෙඳි ඉවත් කරගන්න.
- පෑන් එකකට සීනි මේස හැදි 5 ක් පමණ දාලා කැරමල් කර ගන්න.
- කැරමල් කරගත් සීනි එකට වතුර ටිකක් එකතු කරලා දියවෙනතුරු හැඳි ගාන්න.
- ඒකටම ඉතිරි සීනි ටික දාන්න.
- සීනි දියවෙනකොට පොඩි කරලා පෙරා ගත් ඇඹරැල්ලා දා ගන්න.
- මිශ්‍රණය උකු වෙනතෙක් හැඳි ගාන්න.
- විෂබීජහරණය කළ භාජනවලට දමා ශීතකරණයේ තියන්න.
06. චෙරි ජෑම්
අවශ්‍ය ද්‍රව්‍ය:-
චෙරි 500g
සීනි 350g
දෙහි යුෂ මේසහැඳි 1
- චෙරි ටික හොඳින් පොඩිකර ගන්න.
- පෑන් එකකට චෙරි, සීනි දාලා මිශ්‍ර කර ගන්න.
- මද ගින්දරේ දියාරු ගතිය නැති වනතුරු හැඳිගාගන්න.
- දෙහි යුෂ මිශ්‍ර කරගන්න.
- ජෑම් විෂබීජහරණය කළ භාජනවලට දමා ශීතකරණයේ තියන්න.
07. මික්ස් ෆෘට්ස් ජෑම්
අවශ්‍ය ද්‍රව්‍ය:-
බ්ලෙන්ඩ් කරගත් ඉදුණු අන්නාසි, අඹ, ගස්ලබු, කැමති පලතුරු 400g
පැෂන් යුෂ කෝප්ප ½
නාරං යුෂ කෝප්ප ½
සීනි 350g
- පෑන් එකකට පලතුරු, සීනි දාලා හොඳින් මිශ්‍ර කර ගන්න.
- මඳ ගින්දරේ හැඳි ගාමින් දියාරු ගතිය නැති වනතුරු පිස ගන්න.
- ජෑම් විෂබීජහරණය කළ භාජනවලට දමා ශීතකරණයේ තියන්න.
ජෑම් එක ලිපේ තියෙද්දිම ටක්කෙටම සෙට් වෙලාද කියලා දැන ගන්න ටිප්ස් කීපයකුත් ඔයාලට කියන්නම්. මොකද ජෑම් එක හරියටම සෙට් නොවුනොත් කල් තියා ගන්නකොට අවුල් වෙන්න පුලුවන් වගේම අපි බලාපොරොත්තු වන රසයත් නැති වෙන්න පුලුවන්. ඒ වගේම තමයි ඕනවට වඩා තික් වුනොත් තවරන්නත් අමාරුයි. හරි අපි බලමු ජෑම් එක ලිපෙන් ගන්න පෙර හරියටම සෙට් වෙලාද කියල දැන ගන්නෙ කොහොමද කියල.
- වතුර බෝල් එකකට ජෑම් ටිකක් දාල ඒක බෝලයක් වගේ හදා ගන්න පුලුවන් නම් අවශ්‍ය ප්‍රමාණයට හැදිලා.
- ප්ලේට් එකකට ජෑම් දාල මැදින් ඉරක් ඇදලා බලන්න. ඉරි දෙක එකතු වෙන් නැතිනමි අවශ්‍ය ප්‍රමාණයට හැදිලා.
- ජෑමි එක ලිපේ තියෙද්දිම හැන්දෙන් ඉරක් ඇඳලා බලන්න. ඉක්මනට එකතු වෙන්නේ නැතිනම් අවශ්‍ය ප්‍රමාණයට හැදිලා.
The post රස කාරක නැතිව ගෙදර ලෙහෙසියෙන් හදාගන්න පුළුවන් ජෑම් රෙසපි 7ක් appeared first on Lifie.LK.
Saru FM Media