රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ “2024 ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාව” අනාවරණය කළේය. Sri Lanka Latest News
එම පිරිස ප්‍රතිශතයක් ලෙස සියයට 71.1 බවත් ඔවුන්ට රැකියාවක් කිරීමට හෝ රැකියාවක් සෙවීමට බලාපොරොත්තුවක් නොමැති බවත් එම වාර්තාව හෙළි කළේය.
එසේම මෙරට රැකියාවක නියුතුවන වයසේ සිටින පිරිමි ලක්ෂ 26කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ එම වාර්තාවට අනුව පසුගිය වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය සමස්ත ජනගහනය මිලියන 9.23 ක් වන අතර ඔවුන්ගෙන් මෙරට ශ්‍රම බළකායට කිසිම සහභාගීත්වයක් නොලැබේ.
2023 වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනය මිලියන 8.89 ක් ලෙස සටහන් වූ අතර ඊට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනය 334,001 කින් ඉහළ ගොස් ඇත. එසේම 2023 වසරේදී මිලියන 6.37 ක කාන්තාවන් පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනයට අයත්ව සිටි අතර පසුගිය වසරේදී එය 185,398 කින් මිලියන 6.56 දක්වා ඉහළ ගොස් තිබිණ. 2023 වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනයෙන් මිලියන 2.52 ක් පිරිමි පුද්ගලයන් වූ අතර ඊට සාපේක්ෂව පසුගිය වසරේදී ආර්ථික වශයෙන් අක්‍රීය පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව 148,602 කින් ඉහළ ගොස් ඇත.
lankadeepa
Saru FM Media