රසම රස සැපතිල්ලා රෙසපි 7 ක්

0
15


සැපතිල්ලා කියන්නෙ අපි හැමෝම කන්න කැමති පලතුරක්. ඒත් අපට නිතර මේ පලතුර දකින්න ලැබෙන්නෙ නෑ. ඒ වගේම සැපතිල්ල රෙසපිත් දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. ඒ නිසා ඒ රෙසපි අඩුව පිරිමහන්න තමයි අපි අද ලෑස්ති වෙන්නෙ. රසම රස සැපතිල්ලා රෙසලි 7 ක් ගෙනාව ඔයාල වෙනුවෙන්.

01. සැපතිල්ලා පයි

අවශ්‍ය ද්‍රව්‍ය

  1. සීනි කෝප්ප 1
  2. අවශ්‍ය ප්‍රමාණයට ලුණු
  3. ග්‍රයින්ඩ් කරගත් කරාබුනැටි 7-8
  4. බිත්තර 3 ක්
  5. පොඩි කරගත් ඉදුණු සැපතිල්ලා කෝප්ප 1½ ක්
  6. කිරි කෝප්ප 1ක්
  7. යෝගට් කෝප්ප 1ක්
  8. මී පැණි තේ හැදි 3ක්
  9. වැනිලා තේ හැදි 1ක්
  10. අගල් 9 පමණ වන පයි ෂෙල් ඩිෂ් එකක්

භාජනයක් ගෙන සීනි, ලුණු සහ කරාබුනැටි මිශ්‍ර කරන්න. තවත් භාජනයක් අරගෙන බිත්තර ගසන්න.සැපතිල්ලා සහ සීනි/කරාබුනැටි මිශ්‍රණය කලවම් කරන්න. බිත්තර, කිරි, යෝගට්, මී පැණි සහ වැනිලා ක්‍රමයෙන් කලවම් කරන්න. පයි ෂෙල් එකට වත් කරන්න. උෂ්ණත්වය 425°F විනාඩි 15 ක් බේක් කර ගන්න. ඉන්පසු උෂ්ණත්වය 350°F දක්වා අඩු කර විනාඩි 20 සිට 30 දක්වා බේක් කර ගන්න.

02. සැපතිල්ලා පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය

1. සැපතිල්ලා ගෙඩි 6
2. කිරි මිලි ලීටර් 500
3. කන්ඩෙන්ස් මිල්ක් පොඩි ටින් 1 (390g)
4. China grass ග්‍රෑම් 5
5. වැනිලා බිංදු කිහිපයක්
6. කොකෝවා කුඩු – උඩින් ඉසීමට

කපාගත් China grass කැබලි විනාඩි 15ක් වතුරේ පොඟවා ගන්න.පෑන් එකකට වතුර කෝප්ප ½ ක් එක්කර උතුරන විට China grass එකතු කර කැටි නොගැසෙන්න හොඳින් තනුක වන තෙක් හොඳින් කලවම් කරන්න.වෙනත් පෑන් එකකට කිරි මිලි මීටර් 500 සහ කන්ඩෙන්ස් මිල්ක් දාල හොඳින් මද ගින්නේ උතුරන්න දෙන්න. කිරි එකට වැනිලා බිංදු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.China grass පෑන් එකට උතුරපු කිරි සෙමින් එකතු කරමින් හැඳි ගාන්න. (ගොඩක් වෙලා ලිපේ තියන්න එපා).සැපතිල්ලා ගෙඩිවල පොත්ත ඉවත් කර ඇටයද ඉවත්කරන්න. ඉන්පසු එය බ්ලෙන් කර ගන්න.එය පුඩිං මිශ්‍රණයට දමා හොඳින් හැඳිගාමින් මිශ්‍ර කරන්න.සිසිල් වූ පසු, ශීතකරණයේ පැය 5ක් පමණ තියන්න.පිලිගන්වන විට කොකෝවා කුඩු උඩින් ඉසගන්න.

03. සැපතිල්ලා ක්‍රම්බල්

අවශ්‍ය ද්‍රව්‍ය

1. පොතු ඉවත් කරගත් සැපතිල්ලා කෝප්ප 1/2 ක්
2. පිටි කෝප්ප 3/4 ක්
3. ඕට්ස් කෝප්ප 1/2ක්
4. ලාවට බැදපු කජු කෑලි කෝප්ප 1/2ක්
5. මෙල්ට් කළ බටර් කෝප්ප 1/3 ක්
6. සීනි කෝප්ප 1/4ක්
7. දුඹුරු සීනි තේ හැඳි 2ක්
8. බඩ ඉරිඟු පිටි තේ හැඳි 1ක් (කෝන් ෆ්ලා)
9. ලුණු අවශ්‍ය ප්‍රමාණයට
10. කුරුඳු තේ හැඳි 1/4ක්
11. සාදික්කා තේ හැඳි 1/4ක්

බඳුනකට පිටි, කජු, ඕට්ස්, සුදු සීනි, දුඹුරු සීනි, ලුණු, කුරුඳු සහ සාදික්කා දමා, එයට මෙල්ට් කරගත් බටර් දමන්න. හොඳින් කලවම් කරන්න. මෙම මිශ්‍රණය විනාඩි 20ක් ශීතකරණයේ තබන්න.මදක් ගැඹුරු පෑන් එකක බටර් තවරා ගන්න.උඳුන අංශක 375 F දක්වා රත් කරන්න.සැපතිල්ලා, කෝන් ෆ්ලා සහ සීනි මේස හැන්දක් එකට එකතු කර සැප තිල්ලා එකතු කර ගන්න. (සැපතිල්ලා ගොඩක් ක්‍රීම් කර ගන්න එපා.සාමාන්‍ය ප්‍රමාණයට පොඩි කර ගන්න.) ඉන්පසු මෙය බේක් කර ගන්න අවශ්‍ය තැටියට වක්කර ගන්න. ශීතකරණයෙන් තැබූ මිශ්‍රණය සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට කඩලා සැපතිල්ලා මිශ්‍රනය උඩින් ඉසින්න.එය විනාඩි 35 ත් 40 ත් අතර කාලයක් බේක් කර ගන්න,

04. සැපතිල්ලා කුල්ෆි

අවශ්‍ය ද්‍රව්‍ය

  1. මදක් විශාල සැපතිල්ලා ගෙඩි 5-6 ක්
  2. කිරිපිටි 4 තේ හැඳි
  3. කිරි කෝප්ප 1/2ක් (මිලි ලීටර් 100)
  4. දුඹුරු සීනි 3-4 තේ හැඳි
  5. එනසාල් කුඩු තේ හැඳි ½

සැපතිල්ලා සෝදා පොතු ඉවත් කැර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. භාජනයකට කිරි දමා එය මද රස්නේ උතුරවන්න.උතුරන විට එයට කිරි පිටි දමන්න.එයට සීනි සහ එනසාල් කුඩු එකතු කර ගන්න.ඉන්පසු රස්නය අඩුකර විනාඩි 5-8ක් උතුරවා ගන්න. ඉන්පසු එය නිවෙන්න දෙන්න.සිසිල් වූ මිශ්‍රණයට සැපතිල්ලා එකතු කර ගන්න. එය හොඳින් කලවම් කරන්න.මේ මිශ්‍රණය අච්චු වලට වක් කර පැය 2ක් හෝ එක රැයක් ශීතකරනයේ තබන්න.

05. සැපතිල්ලා බ්‍රැන්ඩි ස්මූති

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කිරි කෝප්ප ½
  2. මී පැණි තේ හැඳි 1 ක්
  3. බ්‍රැන්ඩි තේ හැඳි 1 ක්
  4. හොඳින් පොඩිකරගත් ක්‍රීමි සැපතිල්ලා කෝප්ප ½
  5. අයිස් කැට කප් 4 ක්

බ්ලෙන්ඩ් කප් එකකට මේ සියල්ල දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. ඉන්පසු පිළිගන්වන්න.

06. සැපතිල්ලා කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. හොඳින් බ්ලෙන්ඩ් කරගත් සැපතිල්ලා ගෙඩි 3ක්
  2. බිත්තර 2
  3. සීනි කප් 2ක්
  4. බටර් / වෙජිටබල් ඔයිල් කප් 1/4
  5. බේකින් පවුඩර් මේස හැඳි 1/2
  6. වැනිලා එසන්ස් තේ හැඳි 1 ක්
  7. කිරි කප් 1/4
  8. පිටි කප් 2 ක්

බෝල් එකක බිත්තර 2ක් හොඳින් බීට කර ගන්න. එයට සීනි කප් 2 එකතු කරගන්න. එයද මිශ්‍ර කරගන්න. එයට බටර් / වෙජිටබල් ඔයිල් කප් 1/4 එකතු කරගෙන නැවත මිශ්‍ර කර ගන්න. ඉන්පසු එයට සැපතිල්ලා එකතු කර ගන්න. එකතු කරගත් සැපතිල්ලාද හොඳින් බීට් කර ගන්න.බේකින් පවුඩර් එකතු කර ගන්න. නැවත බීට් කරගන්න. එයට වැනිලා එසන්ස් තේ හැන්දද එකතු කරගෙන නැවත හොඳින් මිශ්‍ර කර ගන්න. එයට කිරි කප් 1/4ද එකතු කරගෙන මිශ්‍ර කර ගන්න. මේ සියල්ල හොඳින් කම්බයින් කර ගන්න. ඉන්පසු එයට පිටි කප් 2 ද එකතු කරගෙන සියළු දේ හොඳින් බීට් කර ගන්න.ඉන්පසු 350°F උෂ්ණත්වයකින් විනාඩි 40-45ක් බේක් කර ගන්න.

07.සැපතිල්ලා හල්වා

අවශ්‍ය ද්‍රව්‍ය

  1. විශාල, ඉදුණු සැපතිල්ලා ගෙඩි 12 ක්
  2. සීනි ග්‍රෑම් 25
  3. කිරි මිලි ලීටර් 500
  4. කිරි පිටි කප් 1
  5. උකු පොල්කිරි කිරි කප් 1
  6. මී පැණි කප් 1/2
  7. කජු ග්‍රෑම් 50
  8. ආමන්ඩ් ග්‍රෑම් 50
  9. ගිතෙල් හෝ මෙල්ට් කරගත් බටර් මිලි ලීටර් 250
  10. එනසාල් කුඩු ස්වල්පයක්

ආමන්ඩ් පැය භාගයක් රස්නෙ වතුරේ පෙගෙන්න ඇරලා පොත්ත ඉවත් කර කෑලි වලට කපාගන්න.
භාජනයකට ගිතෙල් හැඳි දෙකක් ගෙන රත් කර කජු සහ ආමන්ඩ් කැබලි එකතු කර දුඹුරු පැහැ වන තෙක් හැඳි ගා ගන්න.සැපතිල්ලා හොඳින් ප්ලප් කර පැත්තක් තබා ගන්න.කිරි මිලි ලීටර් 500 මදක් රත් කර පැත්තකින් තියා ගන්න.ගැඹුරු භාජනයක් ගෙන ගිතෙල් බාගයක් දමා රත් කර සැපතිල්ලා පල්ප් එකතු කරන්න. කිරි පිටි, කිරි, උකු කිරි සහ සීනි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. එනසාල් කුඩු සහ ඉතිරි ගිතෙල් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.ඉන්පසු මද ගින්නේ පිසගන්න.අවසානයේ එයට කජු, ආමන්ඩ්, එකතු කර සකසා ගත් මිශ්‍රණය එයට එකතු කර ගන්න. එයට මී පැණි ද එකතු කර ගන්න.
උණුවෙන් පිලිගන්වන්න.

The post රසම රස සැපතිල්ලා රෙසපි 7 ක් appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here