රසකාරක ගෙදරදීම හදමු – 1

0
5

ව්‍යාංජන රස කරන පහේ ගුලිය 

අවශ්‍ය දේවල්
  • සුදු ලූණූ බික් 10 ක් පමණ සිහින්ව ලියාගෙන
  • කොත්තමල්ලි මේස හැඳි 5 ක් 6 ක්
  • සූදුරැ මේස හැඳි 2 ක්
  • මහදුරැ මේස හැඳි 1 ක්
  • සුදු කැකුළු හාල් මේස හැඳි 5 ක්
  • ගා ගත් පොල් මේස හැඳි 7 ක්
  • කුරුඳු පොත්තක්
  • එනසාල් ස්වල්පයක්රා
  • කරාබු  නැටි ස්වල්පයක්
සාදාගන්නා ආකාරය:
හාල් සහ පොල් වෙන් වෙන්ව බැද ගන්න. සුදුලූණූ හැර සියල්ලත් බැද ගන්න. ඉන්පසු සුදු ලූණූ වෙනම අඩු ගින්දරින් බැද ගන්න.
 වතුර ස්වල්පයක් දමා සිහින් වනතෙක් බ්ලෙන්ඩර්  කර ගන්න.
මෙය එළවළු වර්ග (වට්ටක්කා, පුහුල්,කැකිරි, හතු) වලට වගේම මස් මාළු උයද්දිත් රසකාරකයක් ලෙස භාවිතයට ගන්න පුලුවන්. වීදුරු බඳුනක හොඳින් මූඩිය වඩා ශීතකරණයේ තබා මාසයකට වඩා කාලයක් පාවිච්චි කරන්න පුලුවන්.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here