රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

0
9

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස ඔහුව පත් කර අතර ඊට අදාළ පත්වීමේ ලිපිය අද (22) එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ අතින් ලබා ගෙන තිබේ.

එමෙන්ම රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෞ සෞඛ්‍ය වෘත්තියකයන්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙසට ද පත්කර ඇත.

රමේෂ් පතිරණ සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන හිටපු සභාපතිවරුන් හා පළාත් පාලන ආයතනවල සභිකයින් පිරිසක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්විය.

2022 ආර්ථික අර්බුයෙන් පසු ජනාධිපති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් සහය දුන් අතර ඒ පිරිස අතර රමේෂ් පතිරණද විය. පසුගිය ජනාධිපතිවරණයේදීද ඔහු සහය දුන්නේ රනිල් වික්‍රමසිංහ වෙතය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here