Monday, May 12, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් රම්බොඩ අනතුරේ මව අහිමිව දිවි බේරුන දරුවා ගැන සංවේදී කතාව

රම්බොඩ අනතුරේ මව අහිමිව දිවි බේරුන දරුවා ගැන සංවේදී කතාව

0
6


sensive-story-about-the-survivor-of-the-survivor-of-the-ramboda-accident

අද උදෑසන රම්බොඩ ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත බස්රථ අනතුරින් පසු සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වූ වීඩියෝවක දරුවා ආරක්ෂා කර ගනිමින් පෙරළුණු බස් රථයක සිරවී සිටි මවක ගැන තොරතුරු පළ විය.
දැන් වාර්තාවන්නේ දරුවා නිරුපද්‍රිත වූවත් අවාසනාවන්ත ලෙස මව  මිය ගොස් ඇති බවයි. වාර්තා වන අන්දමට මෙම අනතුරේදී  ඇය ඇතුළු පුද්ගලයන් 22 දෙනෙකු මිය ගොස් ඇත.

අනතුරට ලක් වූ  වයස 45ක් වූ මෙම කාන්තාව තම මාස 9ක දරුවා තදින් වැළඳගෙන සිටි අයුරු වීඩියෝවේ  දක්නට ලැබිණි. මෙම කාන්තාව තම ජීවිතය පරදුවට තබා සිය දරුවා ආරක්ෂා කිරීමට ගත් උත්සාහය සමාජය තුළ දැඩි සංවේදීතාවයක් ඇති කර ඇත.
ඇයගේ සිරුරේ පසු කොටස බසයට යටවී  කැඩී ගොස් තිබූ අතර ඇය දරුවා වෙළාගෙන ඇගේ සිරුරේ ඉදිරි කොටසින් බසයේ යටින් මතුවී අසරණව සිටියාය.
එම අවස්ථාවේ හමුදා නිලධාරීන් ඇයට ජලය ලබාදීමට කටයුතු කළ නමුත් ඇය ඇතුළි පිරිස බස් රථයට යටවී තිබූ නිසා ක්ෂණිකව බසය එසවීමට පහසුකමක් හෝ තිබුනේ නැත.


අද සවස මෙම බස් රථය දොඹකර ආධාරයෙන් ඉහළට ඔසවා තිබුණි.
හමුදා නිලධාරීන් ඇයට ජලය පොවා ටිකකනි ඇය එතැනම මියගිය බව වාර්තා විය.
බරපතල ලෙස බසයට යටවූ ඇය තම තුවාලවලට ගොදුරු වී මිය ගොස් ඇති අතර, ඇගේ දරුවා වාසනාවකට මෙන් බේරාගැනීමට හැකි වී තිබේ.
විපතට පත් කාන්තාවගේ මාස 9ක දරුවා දැනට නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, දරුවාගේ තත්ත්වය ස්ථාවර බව රෝහල් ප්‍රකාශක පවසයි. දරුවාට සැලකිය යුතු තුවාල සිදු වී නොමැති බවත්, වෛද්‍ය නිරීක්ෂණ යටතේ තබා ඇති බවත් වාර්තා වේ.
“දරුවාගේ තත්ත්වය ස්ථාවරයි. අපි දරුවාට අවශ්‍ය සියලුම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටිනවා. ඔහුගේ දෙමාපියන් සහ පවුලේ සාමාජිකයන්ට අපගේ සානුකම්පිත බව පළ කරනවා,” යැයි නුවරඑළිය රෝහලේ වෛද්‍ය අධිකාරි පැවසීය.
බලධාරීන් මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන දිගටම කරගෙන යන අතර, අනතුරට හේතුව තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැත. කෙසේ වෙතත්, ප්‍රාථමික විමර්ශනවලට අනුව, බස් රථයේ තිරිංග අක්‍රීය වීම හෝ රියදුරු පාලනය අහිමි වීම හේතුවෙන් අනතුර සිදු වී ඇති බවට සැක කෙරේ.
සිද්ධිය අවස්ථාවේ නිව්ස් ෆර්ස්ට් වීඩියෝව පහතින්


gossiplanka image 1
gossiplanka image 2



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here