හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පෙරවරුවේ මහනුවරදී මල්වතු සහ අස්ගිරි උභය පාර්ශ්වයේ මහා නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබේ.
මෙම හමුව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි නොවූ අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේ තමා මේ වන විට සක්‍රීය දේශපාලනයේ නිරත නොවන බවයි.
Saru News










