රනිල්ට 77 යි !

0
4

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන් දිනය අදට (24) යෙදී තිබේ.

1949 මාර්තු 24 වනදා උපත ලද ඒ මහතා අද 77 වැනි වියට පා තබයි.

1977 වසරේදී මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා නියෝජ්‍ය අමාත්‍ය, කැබිනට් අමාත්‍ය, විපක්ෂ නායක, අග්‍රාමාත්‍ය යනාදී දේශපාලන තනතුරු පසුකරමින් පැමිණ 2022 වසරේදී පාර්ලිමේන්තුව හරහා ම විධායක ජනාධිපති ධුරයට පත්වීමට ද සමත් විය.

ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් දෙවසරක් රට පාලනය කළ ඒ මහතා 2024 සැප්තැම්බර් මාසයේදී පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ අතර ඉන් පසුව පැවති මහමැතිවරණයට තරග කළේ නැත. එහෙත් ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් දිගටම සක්‍රිය දේශපාලනයේ නිරත වූයේය.

රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පසුගිය සතියේදී සිංගප්පූරුව බලා ගිය අතර මේ වනවිට හෘද සැත්කමකට භාජනය වී සුවය ලබමින් සිටී.

The post රනිල්ට 77 යි ! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here