රනිල්ගේ ගෝලයා ජනාධිපති බලතල යොදා ගනිමින් අධිකරණයට බලපෑම් කරයි – Saru News | සිංහල

0
4

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙසින් සිටි සමයේ ඔහුගේ උපදේශකයෙකු සහ ආණ්ඩුකාරවරයෙකු ලෙස සිටි රජිත් කීර්ති තෙන්නකෝන් අධිකරණයට දැඩි බලපෑම් සිදු කෙරෙන බොරු ප්‍රචාර පතුරුවා හරිමින් සිටී.

සමාජ මාධ්‍ය භාවිතා කරමින් ඔහු මෙම බලපෑම සිදු කර ඇති අතර, “ඩේලි මිරර් පුවත් පතේ නවතම හෙළිදරව්ව – වුල්වර් හැම්ප්ටන් නඩුව නීතිය ඉදිරියේ දී විසි වෙයි” යනාදි වශයෙන් ප්‍රචාරයක් ගෙන යමින් සිටී. මේ පිළිබඳව විමර්ශනය කළ බොහෝ දෙනෙකු හෙලි කර තිබෙන්නේ ඩේලි මිරර් පුවත්පත හෝ එම වෙබ් අඩවියේ එවැනි පුවතක් පළ කර නොමැති බවයි.

එහෙත්, රජිත් කීර්ති තෙන්නකෝන් අධිකරණයට දැඩි බලපෑමක් සිදු කෙරෙන ආකාරයට මෙවැනි ව්‍යාජයක් ප්‍රචාරය කරමින් සිටී. තවත් පැත්තකින් රජිත් කීර්ති ප්‍රකාශ කරන ආකාරයට ලන්ඩනයේ එම විශ්ව විද්‍යාලය යම් තොරතුරක් හෙළි කර ඇත්නම් එය රනිල් වික්‍රමසිංහගේ නීතිඥයන් මගින් අධිකරණයට ඉදිරිපත් කළ යුතුය. මහාධිකරණය ඉදිරියේ රනිල් වික්‍රමසිංහට එරෙහිව මහජන මුදල් රුපියල් ලක්ෂ 166ක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කිරීමට ආසන්න ව තිබිය දී මේ ආකාරයේ ව්‍යාජ ප්‍රචාර ආරම්භ කර ඇත.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here