රන් පදක්කම් 9ක් දිනා ගනිමින් ක්ලාබෝ ශීත ඍතු ඔලිම්පික් වාර්තා පොත අලුත් කරයි

0
4

29 හැවිරිදි නෝර්වේ ක්‍රීඩක Johannes Hoesflot Klaebo ශීත ඍතු ඔලිම්පික් රන් පදක්කම් නවයක් දිනාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින් ඉතිහාසයට එක් විය.

2026 -ශීත ඍතු ඔලිම්පික් තරගාවලියේ අද (15) පැවති, කිලෝමීටර් 5 – 4×7 “cross-country skiing relay” සහය ඉසව්වෙන් රන් පදක්කම ජය ගැනීමත් සමඟ ශීත ඍතු ඔලිම්පික් තරග සඳහා වැඩිම රන් පදක්කම් ලාභියා වීමේ වාසනාව ක්ලාබෝ ට හිමි විය.

රන් පදක්කම් නවයක් ඇතුලුව ඔලිම්පික් පදක්කම් 11ක් සමඟින්, ක්ලාබෝ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩකයා ලෙසට නම් කර තිබේ.

පිහිනුම් ක්‍රීඩක මයිකල් ෆෙල්ප්ස් ඔලිම්පික් රන් පදක්කම් 23ක් සමඟින් වැඩිම රන් පදක්කම් ලාභි වාර්වාට හිමිකම් කියයි.

ඔහු දිනාගත් සමස්ථ ඔලිම්පික් පදක්කම් ගණන 28කි.

ක්ලාබෝ ඇතුළුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු රන් පදක්කම් නවයක් සමඟ දෙවන ස්ථානයේ පසුවෙයි.

ක්ලාබෝ මෙම ක්‍රීඩා උළෙලේදී තවත් ඉසව් දෙකක් තරඟ කිරීමට නියමිතව සිටින්නේ ඔහුගේ පදක්කම් ගණනට තවදුරටත් රන් පදක්කම් එකතු කර ගැනීමේ  බලාපොරොත්තුවෙනි.

ක්ලාබෝ ඉතිරි ඉසව්කින් තවත් රන් පදක්කමක් දිනා ගතහොත් ඔහු දෙවන වැඩිම ඔලිම්පික් රන් පදක්කම් ලාභිය වනු ඇති.

පෙබරවාරි 6 වනදා ආරම්භ වූ 2026 ශීත ඍතු ඔලිම්පික් තරගාවලිය පෙබරවාරි  22 දක්වා ඉතාලියේ පැවැත්වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here