රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට රිමාන්ඩ් කළ දුමින්ද බන්ධනාගාර රෝහලට

0
6


රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

ගල්කිස්ස අධිකරණයේ සිට රැගෙන ආ ඔහු පළමුව මැගසින් බන්ධනාගාරයේ රැඳවූ බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පැවසුවේ. සැකකාර හිටපු අමාත්‍යවරයාට අදාළ වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා දෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. 

ඒ අනුව බන්ධනාගාරය වෙත වෛද්‍යවරයෙකු පැමිණ ඔහු පරීක්ෂා කළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ. 

එහිදී අදාළ වෛද්‍යවරයාගේ ද නිර්දේශ මත හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර තිබෙනවා.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ඔ56 වර්ගයේ ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ලබන 29 වන දින දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි එහිදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here