රත්තරන් T56න් තවත් අභිරහස් රැසක් එළියට

0
5


රන් ආලේපිත T56 ස්වයංක්‍රීය ගිනි අවිය සොයා ගැනීමත් සමඟ තවත් අභිරහස් ගණනාවක් පිළිබඳව විමර්ශකයන්ගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

එවැනි ගිනි අවි මෙරටට ගෙන ආවේ කෙසේද, කොපමණ තොගයක් ගෙන ආවේද, එලෙස ගෙන ආ ගිනි සන්තකයේ තබා ගෙන සිටින ප්‍රබලයන් කවුද සහ ඒවා සඟවා තිබෙන්නේ කොහේද යනාදී කරුණු රැසක් පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී ඇත.

මේ රන් ආලේපිත T56 ගිනි අවිය රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු ලෙස පසුගිය කාලයේ ක්‍රියා කළ දුමින්ද දිසානායක විසින් සන්තකයේ තබා ගත් එකක් බව මේ වනවිට හෙළි වී තිබේ.

දුමින්ද දිසානායක, රාජපක්ෂ පාලන සමයේ දී හෝ ඉන් පසුව හෝ අපරාධ කල්ලි සමඟ සම්බන්ධතා පවත්වන අයෙකු ලෙස හෙළි වී නොතිබිණි. එවැනි පුද්ගලයෙකු සන්තකයේ මෙවැනි ස්වයංක්‍රීය ගිනි අවියක් තිබුණේ නම් තවත් කොපමණ සංඛ්‍යාවක් නීති විරෝධී ලෙස තබා ගෙන ඇති දැයි බරපතළ ගැට‍ළුවක් මතු වී තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here