රට බේරගත්ත වීරයෙක් බවට පිල්ලෙයාන් පත්වෙනවා කියන්නේ විපක්ෂයට 06 වෙනිදත් පාඩමක් උගන්වන්නම වෙනවා – අගමැති (VIDEO)

0
7


කොළඹ LNW:පිල්ලෙයාන් ජාතික වීරයෙක් බවට පත්කරන තැනට විපක්ෂය පත්වීම තුළ ජනතාව විසින් විපක්ෂයට දී ඇති පණිවිඩය ඔවුන් තවමත් තේරුම් ගෙන නැති හෙයින් එළඹෙන 06 වැනිදාත් ඔවුන්ට පාඩමක් ඉගැන්විය යුතු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.

විපක්ෂයේ බංකොලොත්භාවය පිල්ලෙයාන් සම්බන්ධයෙන් වන ප්‍රකාශ තුළින්ම හඳුනා ගත හැකි බවයි අගමැතිවරිය පවසන්නේ.

රටට විපක්ෂයකුත් අවශ්‍ය හෙයින් තුන්වෙනි වතාවටත් පාඩමක් කියා දී ඔවුන් නැවත පැමිණිය යුතු මාර්ගය සම්බන්ධයෙන් කියාදීමක් සිදුකිරීමට අවශ්‍ය බව ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැහැදිලි කරයි.

විශේෂයෙන් විපක්ෂයට නැවත ජනතාව අතරට පැමිණීමට නම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට වඩා හොඳ වීමට සිදුවන බවයි ඇය පෙන්වා දෙන්නේ.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළකළේ ඊයේ (30) පස්වරුවේ කඩුවෙල ආසනයේ ජන හමුවකට එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here