රටේ විවිධ ලිංගික නැමියාවන් සහිත ජනතාවට අසාධාරණයක් වන කිසිදු පනතක් රජය ගෙනත් නෑ – ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක

0
3

අනුරපුර මාර්ග සංවර්ධනයට මිලියන 250ක් වෙන්කළා

වර්තමානයේ පිහිටුවා ඇත්තේ ජාතිවාදයෙන් තොර දේශපාලන සදාචාරය හා සාරධර්ම ඇති ආණ්ඩුවක් බවත් බුදු දහම සහ සියලු ආගම්වලට එකඟ සාරධර්ම ඇති කිරීමට කටයුතු කරන බවත් රට තුළ ජීව විද්‍යාත්මක හේතූන් මත විවිධ ලිංගික නැමියාවන් ඇති ජනතාව සිටින බැවින් ඔවුන් කිසිවිටෙක අසාධාරණයට ලක් නොවිය යුතු අතර ඒ සම්බන්ධයෙන් කිසිදු පනතක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කර නැති බව ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක මහතා පවසයි.

ඇමැති මණ්ඩල එකඟතාවක් මත ප්‍රාදේශීය වශයෙන් ජන ජීවිතයට බලපාන අමාත්‍යංශවල දිස්ත්‍රික් මට්ටමින් සම්බන්ධ කරන කමිටු පිහිටුවීමට සමගාමීව එහි එක් අදියරක් ලෙස ප්‍රවාහන, මහා මාර්ග හා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කමිටුව ස්ථාපිත කිරීම එම විෂය භාර ඇමැති බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (01 දා) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා මාධ්‍යයට අවසර නොලැබුණු අතර එම රැස්වීමෙන් අනතුරුව බිමල් රත්නායක ඇමැතිවරයා මාධ්‍ය වෙත අදහස් දැක්විය.

හිංසා පීඩනයකින් තොරව දරුවන්ට උපදෙස් ලබා දීමට කටයුතු කරනවා මිසක මනුෂ්‍ය අයිතිවාසිකම් අයිතීන් සුරකීමට කටයුතු කරන අතර විවිධ පනත් ගෙන එන බවට පවසමින් විවේචන සිදු කරනු ලබන්නේ මෙරට මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට කටයුතු කළ පුද්ගලයන් බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 250ක මුදලක් වෙන්කළ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා කීය.

මේ සඳහා දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් එක්ව සිටියහ.

මිහින්තලේ – රංග චතූ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here