රටම වැඩ අත්හරින නොනගතය තව පැය දෙකකින්.

0
13


සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට සූදානම් වන ජනතාවගේ නිවෙස්වල මේ වන විට කාර්යබහුල වටපිටාවක් දක්නට ලැබෙනවා. 

ඒ, මෙවර පුණ්‍ය කාලය අද දින අපර භාග 08.57 යෙදීම හේතුවෙන්. 

හෙට දින පූර්ව භාග 09.45 දක්වා පුණ්‍ය කාලය පවතිනවා. 

ඒ අනුව අද දින අපර භාග 08.57ට පෙර ආහාර අනුභව කර සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල නිරත විය යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන්. 

පුණ්‍ය කාලය පිළිබඳ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජනශ්‍රැතවේදී මහින්ද කුමාර දලුපොත මහතා ද මෙලෙස අදහස් පල කළා. 

 

Neth Sound · DALUPOTHA 01

මේ, ඒ සම්බන්ධයෙන්ද වැඩිදුරටත් කරුණු දැක්වූ ජනශ්‍රැතවේදී මහින්ද කුමාර දළුපොත මහතා.

Neth Sound · DALUPOTHA 02

එළඹෙන අලුත් අවුරුදු උදාවත් සමඟ සියලුදෙනා එකට එක්ව චාරිත්‍ර සිදුකල යුතු ආකාරය ද ජනශ්‍රැතවේදී මහින්ද කුමාර දළුපොත මහතා මෙහිදී පැහැදිලි කළා.

Neth Sound · DALUPOTHA 03

මෙවර අලුත් අවුරුදු උදාව හෙට දින පූර්ව භාග 03.21ට සිදු වනවා. 

හෙට දින පූර්ව භාර 04.04ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා කිරිබතක් හා කැවිලි වර්ගයක් ද දීකිරි සහ    විලඳ ද පිළියෙල කරගත යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන්. 

අනතුරුව පූර්ව භාග 06.44ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගණුදෙනු කර ආහාර අනුභව කිරීමේ නැකත යෙදී තිබෙනවා. 
 

මේ අතර එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රදේශ රැසක ජනතාව මහත් වුවමනාවෙන් ඒ සඳහා සූදානම් වෙමින් සිටින බවත් ඊයේ දිනයේ මෙන්ම අද දිනයේ ද ප්‍රධාන නගර රැසක් ජනතාවගෙන් පිරීගොස් තිබූ බවත් වාර්තා වුණා.
 

මේ අතර සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිදු කෙරෙන චාරිත්‍ර සඳහා ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය අද සවස සිට වසා තැබීමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව හෙට දින දහවල් 01.00ට පූජා කටයුතු සඳහා දේවාලය යළි විවෘත කෙරෙන බවයි වාර්තා වන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here