ජර්මනියේ සියලු ප්‍රවාහන සේවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹ ඇති බව වාර්තා වේ.
ඒ අනුව සියලුම බස් රථ, ට්‍රෑම් රථ සහ දුම්රිය සේවාවල නිරත වෘත්තිකයින් මෙසේ දින දෙකක වර්ජනයක නිරත වන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඔවුන් මෙසේ වර්ජනයක් සිදු කිරීමට හේතු වී ඇත්තේ සති අන්ත වැඩ සදහා දීමනා සහ වැටුප් ලබා නොදීම ඇතුළු සේවා කොන්දේසි කිහිපයක් මුල් කර ගනිමින් බව වාර්තා වේ.
එමෙන්ම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ ජර්මනිය පුරා ප්‍රවාහන සේවාවල නිරත පුද්ගලයින් ලක්ෂයක පමණ පිරිසක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.
Saru News















