‘රටම එකට’  ජාතික මෙහෙයුමට මහවැලි යොවුන් බලකාය දායක කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක්

0
4

නිවාරණ – මහවැලි යොවුන් බලකාය 2026, පිහිටුවීම සම්බන්ධ සාකච්ඡාවක් ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ ලේකම්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මේ අනුව මහවැලි යොවුන් බලකායේ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ පුහුණුව ලත් තරුණ තරුණියන් 600කට වැඩි පිරිසක් විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුම හා සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර තිබෙන අතර ඒ පිළිබඳව ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික මෙහෙයුම් සභාවේදී වැඩිදුරටත් සාකච්ඡා  කිරීමට මෙහිදී තීරණය විය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්  එච්. එම්. ජේ. කේ. හේරත් යන මහත්වරුද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here