රටට දායාද වන තවත් සංවර්ධන ව්‍යාපෘති ගැන ජනපති හෙළි කරයි

0
13


දීර්ඝ කාලයක් වසා දමා තිබූ කන්තලේ සීනි සමාගම යළි ආරම්භ කිරීමට අවශ්‍ය සැලසුම් සම්පාදනය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මේ අතර ජාති ආගම් බේදයකින් තොරව නීතිය අකුරටම ඉටුවන රටක් නිර්මාණය කිරීමට ද ජාතික ජනබලවේග රජයට හැකිව තිබෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

ඒ කන්තලේ ජන රැළියට එක්වෙමින්.

ජය නියතයි ගම අපිටයි ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් අද කන්තලේ නගර‍යේදී පැවැත්වුණා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජන හමුව සංවිධාන කර තිබුණා.

විශාල පිරිසක් ඊට එක්ව සිටියා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here