යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනය ගැන ලංවිමෙන් නිවේදනයක්

0
6


යෝජිත නව සංශෝධනයට අනුව විදුලි ගාස්තුව වැඩිවන නමුත්; එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් ගනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය මේ බව සඳහන් කළා.

2014-2022 කාලය තුළදී විදුලි ජනනය, සම්ප්‍රෙෂණය සහ බෙදාහැරීම සඳහා දැරීමට සිදුවූ පිරිවැය ඉහළ ගිය ද විදුලි ගාස්තුවල කිසිඳු වෙනසක් සිදුනොකළ බවත් එම කාලය තුළ ඉන්ධන ගාස්තු, ගල් අඟුරු, අමතර කොටස් සහ නඩත්තු වියදම් ද නිරන්තරයෙන් ඉහළ ගිය බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.

ඉහළ ගිය පිරිවැයේ සම්පූර්ණ බර විදුලිබල මණ්ඩලය දැරීම හේතුවෙන් මහා පරිමාණ ණය ගැනීමට සහ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ගෙවීම් කල්දැමීමට සිදුවීම මේ වනවිට ණය අර්බුදයක් දක්වා වර්ධනය වී ඇති බවයි එම මණ්ඩලය පවසන්නේ.

ඒ, අනුව අත්‍යවශ්‍ය වියදම් ක්‍රමානුකූලව ප්‍රතිපූර්ණය කරගැනීම, ණය අර්බුදය කළමණාකරනය කිරීම සහ සැපයුම්කරුවන්ට නියමිත කළට ගෙවීම් සිදුකිරීම යනාදිය සිදුකිරීම යෝජිත විදුලි ගාස්තු සංශෝධනය් අරමුණ බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.

අනාගත බලශක්ති සුරක්ෂිතතාවය අනතුරට ලක් නොකරමින් ආරක්ෂිත, විශ්වාසනීය සහ අඛණ්ඩ විදුලි සැපයුමක් සියලුම ලාංකිකයන්ට ලබාදීමට ඉඩසැලසීම මෙහි මූලික අරමුණ බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here