යළිත් ලුණු හිඟයක් – ලුණු සොයා ජනතාව වෙළඳසැල් පීරයි

0
7


මේ වන විට වෙළඳපොලේ ලුණු හිඟයක් පිළිබඳ කතා බහක් මතුව තිබෙනවා. 

ඊට හේතුවී ඇත්තේ බොහෝ වෙළඳසැල්වල අලෙවි කිරීමට ප්‍රමාණවත් තරම් ලුණු නොමැති වීමයි. 

එමෙන්ම ලුණුවල මිල ගණන් ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති ආකාරය දැකගත හැකි තවත් කරුණක්. 

මේ වන විට කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

එහෙත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ වැඩි මිලට ලුණු අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව පියවර ගන්නා බවයි. 

එහෙත් වැඩි මිලට හෝ මිලදී ගැනීමට ලුණු වෙළඳපොලේ නොමැති බවයි පාරිභෝගිකයින් පවසන්නේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ලුණු නිෂ්පාදකයින්ගෙන් විමසීමක් කළා. 

ඔවුන් පැවසුවේ ඉදිරි සතිය තුළ ආනයනික ලුණු තොග මෙරටට ලැබීමට නියමිත බවයි. 

ඒ අනුව තවත් සතියක පමණ කාලයක් තුළදී ලුණු හිඟය මඟහැරී යනු ඇති බවයි පුත්තලම ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සාමාජික නිලුක් දිල්ශාන් මහතා පැවසුවේ.

කෙසේවෙතත් නෙත් නිවුස් වෙත වාර්තා වූයේ ලුණු මෙටි්‍රක් ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද එම තොග ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් මෙම අර්බුදය හටගෙන ඇති බවයි. 

රට තුළ ලුණු අර්බුදයක් මතු වූයේ අලිමංකඩ ලුණු කර්මාන්තශාලාවේ නව මේස ලුණු නිෂ්පාදනාගාරයක් පවා ඉකුත් මාර්තු මාසයේ සිට විවෘත කර ඇති පසුබිමකයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here