වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය නගර මධ්‍යයේ දී යතුරු පැදියක් මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වැල්ලවාය පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි වැල්ලවාය නගරයේ ම පදිංචිකරුවෙක්.
මෙම අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී බරපතල තත්ත්වයේ සිටි අයෙක් කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී එම තරුණයා ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Saru FM Media