මෝදි ලංකාවට එන්න ඔන්න මෙන්න කියා තියෙද්දී තමිල්නාඩු මහඇමැති ‘බෝම්බයක්’ පත්තු කරයි!  I Sri Lanka Latest News

0
13


තමිල්නාඩු ධීවරයින්ගේ සම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුන් මුහුණදෙන අභියෝග සමනය කිරීම සඳහා ගත හැකි එකම ස්ථිර විසඳුම කච්චතිව් නැවත ලබාගැනීම බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ ස්ටාලින් අවධාරණය කර තිබේ.Sri Lanka Latest News

කච්චතිව් දූපත සම්බන්ධයෙන් රජයේ යෝජනාවලියක් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරය විසින් රාජ්‍ය සභාව වෙත ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම වහා සමාලෝචනය කර කච්චතිව් නැවත ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා අදාළ යෝජනාව මගින් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා රජය රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු නිදහස්කර ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී සාකච්ඡා කළ යුතු බවද ඔහු සඳහන් කර තිබුණි.

මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයා පවසා අත්තේ, තමිල්නාඩු ජනතාවට අතිශයෙන් වැදගත් යෝජනාවක් වන මෙම යෝජනාව ඒකමතිකව සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here