මෝටර් රථයක් කොල්ලකෑමේ සිද්ධියකට දෙදෙනෙකු අත්අඩංගුවට

0
11


මෝටර් රථයක් කොල්ලකෑමේ සිද්ධියක සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාද්දුව ප්‍රදේශයේ සිට පුද්ගලයන් තුන් දෙනෙකුට කුලී ගමනක් යාමට අවශ්‍ය බව පවසා මෝටර් රථයක් ගෙන්වාගෙන පාළු පාරකදී එය පැහැරගෙන ගොස් තිබුණා.

ඒ එහි රියදුරුවූ විශ්‍රාමික හමුදා සාමාජිකයෙකුට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වමිනුයි.

ඒ පිළිබඳ පරික්ෂණ පැවැත්වූ පොලිසිය මෝටර් රථය සොයාගත්තේ පානදුර පිංවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සහ 24 හැවිරිදි වියේ පසුවන්නන් බව පොලිසිය පවසනවා.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here