මෝටර් රථයක් අඩි 100ක ප්‍රපාතයකට

0
4

ශ්‍රීපාද වන්දනාවේ ගොස් ආපසු අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ, පුද්ගලයින් පිරිසක් රැගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.

නෝටන්බ්‍රිජ් – ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ තුනේ කනුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් වෑන් රථයේ ගමන්ගත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා ලක්ෂපාන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී තුවාලකරුවන් දෙදෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහල වෙත මාරුකර යවා ඇත.

රියදුරුට නින්දයෑම අනතුරට හේතුව වන්නට ඇති බවට පොලීසිය සැකපල කරයි.

අනතුරින් මෝටර් රථයට ද දැඩි අලාභ හානි සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නෝටන්බ්‍රිජ් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here