මොරටු මුල්ලේ “සුරා”ගේ මිනිය ත්‍රීවීලයකින් හමුවෙලා

0
4

මොරටුව බස් නැවතුම අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක තිබී කැපුම් තුවාල සහිත මොරටුමුල්ලේ පදිංචි අයකුගේ මළ සිරුරක් මොරටුව පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ඊයේ (03) රාත්‍රී 7.30ට පමණ 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ ලද තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී බස් නැවතුම්පළ අසල නවතා තිබූ ත්‍රී රෝද රථයක පිටුපස අසුනේ තිබී මෙම  මළ සිරුර සොයා ගත් බව පැවසේ.

ඔහුගේ සිරුරේ දරුණු කැපුම් තුවාල දක්නට ලැබෙන අතර මෙම පුද්ගලයා වෙනත් ස්ථානයකදී කපා කොටා ඝාතනය කොට මෙම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

මියගිය පුද්ගලයා මොරටු මුල්ල ප්‍රදේශයේ “සුරා” නමින් හඳුන්වන පුද්ගලයකු බවට මේ වන විට හඳුනාගෙන තිබේ.

මියගිය අය වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවකු බවත් ඔහුට එරෙහිව දැනට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ඇති බවත් පොලිසිය කියයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here