මෛත්‍රී වික්‍රමසිංහ FCID යට එන්න සති දෙකක් ඉල්ලයි… – Saru News | සිංහල

0
4

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහට අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බවට දැනුම් දී තිබේ.

ඒ අනුව, ඇය ප්‍රකාශයක් ලබාදීම සඳහා සති දෙකක කාලයක් ඉල්ලා ඇති බවයි සඳහන් වේ.

මෛත්‍රී වික්‍රමසිංහට ලබාදුන් අදාළ කැඳවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 18 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබිණි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෛත්‍රී වික්‍රමසිංහට මෙලෙස කැඳවීමක් සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here