මෛත්‍රී වික්‍රමසිංහ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද CIDයට?

0
4

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දීමක් සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 18 වනදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව ඇය අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණීමට නියමිතය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මෙලෙස කැඳවීමක් සිදුකර ඇති බව සඳහන්ය. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here