මේ දවස්වල පැතිර යන මාරාන්තික උණ ගැන දැනුවත්ද?

0
4

පවතින වැසි සහිත කාලගුණය නිසා ජලයෙන් සහ පස් මඟින් පැතිරෙන මෙලියඩෝසිස් හෙවත් පාංශු උණ ගැන ඔබ දැනටමත් දැනුවත් ඇති. මෙය දැන් පැතිරෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා.පස් හා වතුරෙන් මේ විෂබීජය පැතිරෙන නිසා එයට පාංශු උණ යන නම ලබා දී තිබෙනවා. 

මෙහි රෝග ලක්ෂණ

නිව්මෝනියාව

පෙණහළුවල සැරව ගෙඩි ඇති වීම

අක්මාව, ප්ලීහාව මත සැරව ගෙඩි ඇති වීම

සන්ධි වේදනාව

කකුල් ඉදිමී රතුවී ප්‍රදාහ තත්ව ඇති වීම

මොළයේ උණ

මොළයේ සැරව ගෙඩි

ඉහත ලක්ෂණ වලින් එක් ආකාරයක් පාංශු උණ ලෙස ඇති වෙන්නට හැකියාව පවතිනවා. මෙය හට ගන්නා එක් ආකාරයක් සඳහන් කරන්නට අසීරුයි.

මෙය ශරීරගත වෙන්නේ කොහොමද?

පාදයේ පවතින තුවාල මඟින්

අපිරිසිදු ජලය පානය හෝ ආඝ්‍රාණය මඟින්

මේ රෝගය මී උණ යැයි වැරදි වටහා ගැනීම් ඇති විය හැකි අතර මී උණට ප්‍රතිකාර කරන්නට යාමෙන් රෝගියා මාරාන්තික තත්ත්වයට පත් වීමටත් ඉඩ තියෙනවා. වඩාත් භයානක කරුණ දැනට මෙය දිවයින පුරාම පැතිර යාමයි. මෝසම් වැසි කාලය බැවින් රෝගය වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා. මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතිනවා.

පාංශු උණෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද?

පා ආවරණ පැළඳ මඩ සහිත ස්ථානවල කටයුතු කිරීම වැදගත්. සෑම විටම පිරිසිදු ජලය පමණක් පාවිච්චි කරන්න. එය රෝගය වළක්වා ගන්නට හේතුවක්.

විවිධාකාර රෝග කාලයෙන් කාලයට ඇති වීම දැන් සාමාන්‍ය තත්ත්වයක් වී අවසන්.නමුත් සෑම මොහොතකම අපි අපේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම මේ රෝග නිසා හටගන්නා අවාසනාවන්ත තත්ත්වයන් අවම කරන හේතුවක් වෙනවා.

ප්‍රවේසම් වන්න!

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here