මෙරට සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ ඇමෙරිකාවේ ප්‍රචාරයක් ලබාදීමේ අරමුණෙන් ඡායාරූප ප්‍රදර්ශනයක් ඇමෙරිකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මිහිකත දිනය සමරමින් පැවැත්වීමට නියමිත මෙම ඡායාරූප ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයයි.
ලොස් ඇන්ජලීස් , වොෂින්ටන්,නිව්යෝර්ක් ආදී නගරවල ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.
මෙවර එය පැවැත්වෙන්නේ පස්වන වරටයි.
ශ්‍රී ලංකාවේ ආකර්ශනීය ස්ථාන මෙන්ම සංචාරක කර්මාන්තයට වැදගත්වන ඡායාරූප රැසක් ප්‍රදර්ශනයට එක්කෙරෙනවා.
මීට අමතරව පසුගියදා දකුණු කැලිෆෝනියාවේ ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් විනාශ වූ පරිසරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුක් රෝපණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ද ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය කටයුතු යොදා තිබෙනවා.
Saru FM Media