මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

0
11

අද (31) සහ හෙට (01) යන දෙදින උදෑසන සහ සවස කාලවල මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රියන් මිනිත්තු 15ක් පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

මෙම ප්‍රමාදය, කොළඹ කොටුව සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර ඉහළ සහ පහළ මාර්ගවල ධාවනය කළ හැකි දුම්රිය ප්‍රමාණය වැඩි කිරීම සඳහා අදාළ සංඥා පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් සිදුකිරීම හේතුවෙන් ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් දුම්රිය මගීන්ට සිදුවිය හැකි අපහසුතාවය පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව කණගාටුව පළ කරයි.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here