මුහුණට ගැළපෙන විදියට ඇහිබැම සකසමු

0
12


මෙවන් මුහුණක කම්මුල් නළලට වඩා දිගින් වැඩියි. නිකට ඍජු, උල් ස්වාභාවයක් ගන්නවා. කම්මුල් දිගු වුවත් පළල නැහැ. නළල් තලය බෙදුණු ස්වභාවයකින් යුක්තයි. හදවත් හැඩ මුහුණු ඇත්තියන්ට තිබෙන්නේ තියුණු පෙනුමක්. මෙවන් මුහුණකට ගැළපෙන්නේ රවුම් ඇහිබැම රටාවක්.

 

මෙවන් මුහුණු ඇත්තියන්ගේ නළලේ සහ දෙකම්මුල් කෙළවර සමාන දිගක් ගන්නවා. තිබෙන්නේ කෙටි නිකටක්. ටිකක් පළල් නළල් තලයක් තියෙනවා. මුහුණේ දිග සහ පළල සමාන බවක් දරනවා. මඳ රවුම් ඇහි බැම මේ අයට වඩාත් සුදුසුයි. මධ්‍යම ප්‍රමාණයේ පළලක් සුදුසුයි. වඩා දිගු වූවොත් නළලේ දිග වැඩිවී පෙනෙන්නටත් කෙටි වුණොත් මුහුණේ පළල කැපී පෙනෙන්නටත් ඉඩ තිබෙනවා.

 

මෙම හැඩති මුහුණත් නළල සහ කම්මුල් දෙකෙළවර සමාන දිගකින් යුතුයි. නමුත් මුහුණේ පළල අඩුයි. දිගින් වැඩියි. නිකට වෙන්වී පෙනෙන්නේ නැහැ. අගින් වක්වූ ඇහි බැම මෙවන් මුහුණකට වඩාත් සුදුසුයි. එමගින් මුහුණට රවුම් බවක් එක් කරනවා.

මේ මුහුණු හැඩයත් දිගින් සහ පළලින් සමානයි. නමුත් දෙකොපුල්, නිකට, හෝ නළල මතු වී පෙනෙන්නේ නැහැ. වක් වූ ඇහි බැම මෙවන් මුහුණකට වඩාත්ම සුදුසුයි. ඉන් නළල් තලය උස් වූ පෙනුමක් දක්වන අතර දෑසට කැපී පෙනෙන පෙනුමක් දෙනවා.

 

 

මේ මුහුණ හරියටම බිත්තරයක් වගෙයි. සාමාන්‍යයෙන් පළල මෙන් එක හමාර ගුණයක් දිග වැඩියි. මෙවන් මුහුණුවල ඇහිබැම සියුම් චක්‍රයක් ලෙස සකස් කළ යුතුයි. නැතිනම් මුහුණ සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්.

 

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here