මුම්බායි ඉන්දියන්ස් මෙවර IPL තරගාවලියේ පළමු ජය වාර්තා කරයි

0
13


මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය ඊයේ(31) වාර්තා කළා.

ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 8කින් ජය ගනිමින්.

තරගය පැවැත්වුණේ මුම්බායිහි වංකඩේ ක්‍රීඩාංගණයේ දී.

පළමුව පන්දුවට පහර දුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 116ක් පමණයි.

ලකුණු 117ක පහසු ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 5ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී සිටියදියි තරගය ජය ගත්තා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here