මීටියාගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

0
14


මීටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් එම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. 

වෙඩි තැබීමෙන් අදාළ අවන්හල ඉදිරිපිට සිටි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

අනතුරුව එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. 

මරණකරු වයස අවුරුදු 47ක් සහ තුවාලකරු වයස අවුරුදු 52ක් වන මිටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්. 

දැනට සිදුකල විමර්ශනවලදී   අනාවරණය වී ඇත්තේ වෙඩි තැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවයි. 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here