මීගමුව මහ රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කෙරේ

0
16


පසුගිය මස 31 වනදා මීගමුව මහ රෝහලේදී තරුණියකට ලිංගික අතවරයක් සිදු කළ බවට මීගමුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

අදාළ තරුණිය දත් කැක්කුමකට සහ සමේ රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඇගේ මව සමග මීගමුව මහ රෝහලට පැමිණ ඇති අතර එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා විසින් ඇයව ලිංගික අතවරයට ලක් කළ බවට මීගමුව මහ රෝහලේ අධ්‍යක්ෂ හරහා මීගමුව පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව අදාළ තරුණිය පසුගිය 02 වනදා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී ලබා දුන් වෛද්‍ය වාර්තාව සම්බන්ධව අදාළ තරුණිය සෑහිමකට පත් නොවූ බවයි පොලීසිය පැවසුවේ.

එම හේතුව මත විශේෂ වෛද්‍ය මණ්ඩලයක් යටතේ වින්දිත කාන්තාව පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here