මීගමුව හා කටාන යන ප්‍රදේශ සඳහා අද (12) පෙ.ව 8 සිට මධ්‍යම රාත්‍රීරී 12 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව මීගමුව මහ නගර සභා සීමාවට අයත් සියලුම ප්‍රදේශවල, කටාන ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශය හා ඇතියාවල, ජන්කුරවෙල, කළුවරිප්පුව, මිරිස්වත්ත, කෝන්ගොඩමුල්ල, හල්පේ, ඇණ්ඩිමුල්ල, අම්බලයාය, තොප්පුව, වයික්කාල යන ග්‍රාම නිලධාරී වසම්වලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.
📌 සබැඳි පුවත්
Saru News
















