Saturday, May 17, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් මිරිදිය ජලාශවලට මාළු පැටව් මිලියන 18ක් මුදාහැරේ

මිරිදිය ජලාශවලට මාළු පැටව් මිලියන 18ක් මුදාහැරේ

0
7


18-million-fish-fry-released-into-freshwater-reservoirs

 ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන “වැව අපේ කම්හලයි” වැඩසටහන යටතේ පසුගිය මාස හතර තුළ දිවයින පුරා පිහිටි කාලීන හා නිත්‍ය ජලාශවල මත්ස්‍ය පැටවුන් මිලියන 18ක් සාර්ථකව තැන්පත් කර ඇති බව සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීම සඳහා රුපියල් විසිදෙකෝටි පනස් ලක්ෂයක මුදලක් වැය කර ඇති බවයි. එක් පැටවකුගේ සාමාන්‍ය වටිනාකම රුපියල් 12යි ශත 50ක් බව ද ඔහු සඳහන් කළේය.


ධර්මප්‍රිය මහතා තවදුරටත් පැහැදිලි කළේ මෙම පිරිවැයෙන් රුපියල් කෝටි දොළහක් පමණ රජයේ ආයෝජනයක් ලෙස ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් දරනු ලබන අතර ඉතිරි රුපියල් කෝටි දහය ප්‍රදේශයේ ධීවර සමිතිවල සාමාජිකයන්ගේ දායකත්වය, පළාත් සභා සහ අනෙකුත් ව්‍යාපෘතිවලින් ලැබුණු ආධාර මත සිදුකර ඇති බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ “වැව අපේ කම්හලයි” වැඩසටහන යටතේ මේ වන විට දිවයින පුරා තෝරාගත් නිත්‍ය ජලාශ එකසියපහළොවක මිරිදිය ධීවර ප්‍රජාව සමඟ එක්ව සකස් කරන ලද මාසික මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.


මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ වැඩසටහන ආරම්භ වී වසරක් ගත වූ පසු එක් ධීවරයකුගේ මාසික අවම අස්වැන්න කිලෝග්‍රෑම් 500 දක්වා ඉහළ නැංවීම බව ද ඔහු පැවසීය. එමඟින් ධීවර කාර්මිකයකුගේ මාසික අවම ආදායම රුපියල් 150,000 ඉක්මවන අතර අගය එකතු කිරීමේ කටයුතු තුළින් පවුලේ කාන්තාවන්ට අවම වශයෙන් රුපියල් පනස් දහස ඉක්මවන මාසික ආදායමක් ලබාගැනීමට අවස්ථාව සැලසෙන බව ද ඔහු පැහැදිලි කළේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here