මිය ගිය කුකුළන් අලෙවි කරන ජාවාරමක තතු හෙළි වෙයි

0
4

විවිධ හේතූන් මත මිය ගිය කුකුළන් අලෙවි කිරීමේ ජාවාරකම නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු ආණමඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

එහිදී ඔවුන් සතුව තිබූ මස් කිලෝ 75ක් පමණ මහජන සෞඛ්‍ය පරික්ෂක භාරයට ගෙන ඇති බව සඳහන් වේ. 

මිය ගිය මෙම සතුන් සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය බවට පවසමින් ඔවුන් රැගෙන ගොස්  ඒවා මිනිස් පරිභෝජනය සඳහා අලෙවි කර ඇති බවට ද සඳහන් වේ. 

ලද තොරතුරක් මත ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකරුවන් ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here