මැද පෙරදිග රටවල් කිහිපයක විදේශ ඇමතිවරු සමඟ ඇමති විජිත් විශේෂ සාකච්ජාවක!

0
4

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මැද පෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය වාතාවරණය හමුවේ මැද පෙරදිග රටවල කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා දුරකථනය ඔස්සේ සාකච්ජා කර තිබේ.

මැද පෙර දිග කලාපය මුහුණ දී සිටින තත්ත්වයන් සම්බන්ධයෙන් සිය ශෝකය සහ කණගාටුව ප්‍රකාශ කිරීමටද අමාත්‍යවරයා කටයුතු කර ඇත.

මීට අමතරව එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද ඉල්ලා සිටි අමාත්‍ය විජිත හේරත් මහතා ඒ රටවල්වලින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින සංචාරකයන්ගේ ආරක්‍ෂාව ශ්‍රී ලංකා රජය භාරගෙන ඇති බවද සඳහන් කර තිබේ.

හදිසි අවස්ථාවක ඉල්ලා සිටින මානුෂීය සහායන් ලබාදීමට ශ්‍රී ලංකාව නොපැකිලිව කටයුතු කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් මැදපෙරදිග රටවල විදේශ අමාත්‍යවරුන් ඇමති විජිත හේරත්ට අවංක ස්තූතිය පළ කර ඇති අතර එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවද තවදුරටත් සහතික වී තිබේ.

The post මැද පෙරදිග රටවල් කිහිපයක විදේශ ඇමතිවරු සමඟ ඇමති විජිත් විශේෂ සාකච්ජාවක! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here