සම්බුද්ධ ශාසනය තුළ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහොය අදට (02) යෙදී ඇත.
බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිදු කළ දිනය ලෙසට මැදින් පුර පසළොස්වක පොහොය සැලකෙයි. එදින ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවී ඇත.
බුදුරජාණන් වහන්සේ සිය නෑදෑ හිතමිත්රාදීන්ට සහ ජන්ම භූමියට කෘතගුණ සැලකීම සඳහා කිඹුල්වත් පුරයට වැඩම කර සුද්ධෝදන රජුට දහම් දේශනා කර ඇත.
එහිදී උන්වහන්සේ සුද්ධෝදන රජතුමා ප්‍රමුඛ ශාක්යවංශිකයන්ට ධර්මය දේශනා කරනු ලැබූහ.
යසෝදරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය දේශනා කිරීම සහ රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවීම ද මැදින් පුර පසළොස්වක දිනයේ සිදු වූ සුවිශේෂී සිදුවීම් වෙයි.
ශාසන ඉතිහාසයේ මෙවන් සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය මවුපියන්ට ගෞරව කිරීමට සැලකීමට කියා දෙන උතුම් වූ පුන් පොහෝ දිනයක් ලෙස ද සැලකෙයි.
Saru News













