මැදපෙර දිග යුද්ධයේ බලපෑම තක්සේරු කිරීම සඳහා IMF කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

0
5

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩල කණ්ඩායමක් මාර්තු 26 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය නිවේදනය කළාය.

එම නියෝජිත පිරිස අප්‍රේල් 09වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිතය.

IMF මාධ්‍ය හමුව අමතමින් කොසැක් මහත්මිය පැවසුවේ මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවයි.

“මැදපෙරදිග ගැටුම් තුළින් ආර්ථිකයට ඇති විය හැකි බලපෑම තක්සේරු කරමින් IMF සහාය දක්වන වැඩසටහනේ ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචනයක් සම්පූර්ණ කිරීම අරමුණ වනු ඇත,” යනුවෙන් ද ඇය පැවසුවාය.

සාකච්ඡාවේ කොටසක් ලෙස, මැදපෙරදිග ගැටුමේ විභව බලපෑම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති කළ හැකි දේ වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා කණ්ඩායම බලධාරීන් සමඟ සම්බන්ධ වන බව කොසැක් මහත්මිය එහිදී තවදුරටත් පැවසුවාය.

එසේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හට ශ්‍රී ලංකාවට සහාය වීම දිගටම කරගෙන යා හැකි ආකාරය පිළිබඳ යාවත්කාලීන තක්සේරුවක් මෙහිදී ලබා ගැනීමට ද අපේක්ෂිතය.

IMF සන්නිවේදන අධ්‍යක්ෂවරිය තවදුරටත් සඳහන් කළේ මැදපෙරදිග ගැටුමෙන් පීඩාවට පත් රටවල් සමඟ IMF ක්‍රියාකාරීවය සම්බන්ධ වෙමින්, ගෝලීය ආර්ථික අවදානම් තක්සේරු කරමින් සහ සහාය ලබා දීමට සූදානම්ව සිටින බවයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here