රෂිකා හෙන්නායක මාර්තු 03, කොළඹ LNW :
මැදපෙරදිග කලාපය තුළ වර්ධනය වෙමින් පවතින යුදමය නොසන්සුන්තාව සමනය කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ කැපවීම සහ මඟපෙන්වීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
ඕනෑම ආකාරයක සන්නද්ධ ගැටුමක් මානව වර්ගයාට අහිතකර ප්‍රතිඵල උදාකරන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා, වර්තමාන අවි තාක්ෂණය හමුවේ යුද්ධයක ඇති විනාශකාරී ස්වභාවය පිළිබඳව අනතුරු අඟවයි.
මෙම විශේෂ ප්‍රකාශය මඟින් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරය හමුවේ තම සාමකාමී ස්ථාවරය නිල වශයෙන් ඉදිරිපත් කර ඇත. ලෝක සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් වගකිවයුතු මැදිහත්වීමක් සිදුකිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.
ප්‍රචණ්ඩත්වය වෙනුවට සාමකාමී විසඳුම් කරා එළඹීම ගෝලීය ස්ථාවරත්වයට අතිශයින්ම වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැහැදිලි කළේය.


The post මැදපෙරදිග සාමය උදෙසා ජනාධිපති අනුරගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්! appeared first on LNW Sinhala.
Saru News
















