රෂිකා හෙන්නායක මාර්තු 03, කොළඹ LNW :
සංචාරකයින් 10000කට ආසන්න පිරිසක් මැදපෙරදිග පවතින යුධ ගැටුම් හේතුවෙන් සිය රටවල් බලා යාමට නොහැකිව මෙරට රැදී සිටින බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසයි. ඉන් 6000ක පමණ පිරිසක් සංචාරක පැකේජ යටතේ මෙරටට පැමිණ සිටින අය බව ද කියා සිටියේය.
තවද ඔවුන්ට අවශ්‍ය පහසුකම් සංචාරක නියෝජිතවරුන්ගේ මැදිහත්වීමෙන් මේ වනවිට ක්‍රියාත්මක බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය. නවාතැන් හෝ ආහාර පහසුකම් සම්බන්ධයෙන් ගැටලු ඇති සංචාරකයින්ට (1912) ක්ෂණික දුරකථන අංකය අමතා අවශ්‍ය පහසුකම් සපයාගත හැකියි.
මීට අමතරව සභාපතිවරයා පැවසුවේ, යුධ ගැටුම් හේතුවෙන් දැනට වසාදමා ඇති ගුවන්තොටුපළවල සිරවී සිටින දේශීය හා විදේශීය සංචාරකයින්ට අවශය පහසුකම් ඒ ඒ ගුවන් සමාගම් විසින් සපයමින් ඇති බවයි.
මේ අතර මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එම රටවල් වෙත ලිපි සහ පාර්සල් ප්‍රවාහනය කිරීමේදී ප්‍රමාදයක් ඇතිවිය හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඊට හේතුව ගුවන් ගමන් අවලංගු වීම යි. තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, එම හේතුවෙන් මැදපෙරග කලාපයේ රටවල් වෙත ලිපි හෝ පාර්සල් යොමු කිරීමට පෙර ඒ පිළිබඳව තැපැල් කාර්යාලවලින් විමසන ලෙසයි.


The post මැදපෙරදිග පවතින යුධ ගැටුම් හේතුවෙන් මෙරට සිරවූ සංචාරකයන් වෙනුවෙන් රජයෙන් පහසුකම්! appeared first on LNW Sinhala.
Saru News















