ගුවන් ගමන් සීමාවීම හේතුවෙන් සමඟ මෙරට රැඳිසිටින විදේශිකයන්ගේ වීසා කාලය සති දෙකකින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙම වීසා දිගුව සඳහා මුදල් අය නොකරන බව ද නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියාසිටියේය.
“රට තුළ රැඳි සිටින සංචාරකයන්, විදේශිකයන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලුවක් තමයි, ඔවුන්ගේ වීසා කාලය ඉක්මවීම. ඒ අනුව සති දෙකකින් වීසා කාලය දීර්ඝ කරන්නත්, ඒ සඳහා ගාස්තු අය නොකරන්න තීන්දු කළා. ඉදිරියේදී වර්ධනය වන තත්ත්වය සලකා බලා මේ කාලය තවත් දීර්ඝ කිරීමට රජය සලකා බලනවා.
ඔවුන්ට අවශ්‍ය පහසුකම්, ආරක්ෂාව සහ සුබසාධන කටයුතු සැපයීමට විදේශ කටයුතු අමාත්‍යංශය තානාපති කාර්යාල එක්ක කතා කරලා තියෙනවා.”
Saru News















