මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ගැන විශේෂ අවධානය!

0
4

රෂිකා හෙන්නායක මාර්තු 07, කොළඹ LNW :

මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා වේ.

ඉදිරි උත්සව සමයේදී පාරිභෝගිකයන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සහ සහන මිලට ලබාදීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත.

දේශීය කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන සැපයුම විධිමත් කිරීමට ද අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එමෙන්ම විදේශයන්ගෙන් ගෙන්වන පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍යවලට යම් බාධාවක් ඇති වුවහොත් එය පාලනය කරන ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇත.

ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම සාකච්ඡාව හරහා රට තුළ ස්ථාවර ආහාර සංචිතයක් පවත්වාගෙන යාම මූලික අරමුණයි.

The post මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ගැන විශේෂ අවධානය! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here