මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකන් ගුවන් ගමන් අවලංගුයි… – Saru News | සිංහල

0
4

මැදපෙරදිග කලාපයේ පවතින අවිනිශ්චිත තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම අද (28) දිනට නියමිත සියලුම මැදපෙරදිග ගුවන් ගමන් අවලංගු කර ඇති බව එම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා පවසයි.

මේ අතර, මැදපෙරදිග පවතින මෙම තත්වය හේතුවෙන් වෙනත් ගමනාන්ත වෙත පියාසර කරන ගුවන් යානා ශ්‍රී ලංකාව දෙසට හරවා එවීමට ඉඩ ඇති බැවින්, ඒ සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ මත්තල ගුවන් තොටුපළ සූදානමින් පවතින බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

කලාපීයව පවතින නොසන්සුන්කාරී යුධමය තත්වය උත්සන්න වීමත් සමඟ ඉරානය, ඉරාකය සහ ඊශ්‍රායලය අනුගමනය කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ කුවේට් යන රටවල්ද සිය ගුවන් සීමාවන් වසා දැමීමට පියවර ගෙන ඇත.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here