රෂිකා හෙන්නායක අප්‍රේල් 11 කොළඹ LNW :
අද උදෑසන 06න් අවසන් වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි 10ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන්වලට අදාළව එම පැමිණිලි 10 ලැබී ඇති බවයි .
එම පැමිණිලිවලට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
මාර්තු මස 03වනදා සිට මේ දක්වා මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පොලිසිය වෙත ලැබී ඇති පැමිණිලි ගණන 138ක් වන අතර, අපරාධමය පැමිණිලි 26ක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන්වලට අදාළව පැමිණිලි 112ක් එලෙස ලැබී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
Saru FM Media