මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

0
7


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. 

ඒ අනුව ප්‍රචාරණ කටයුතු සඳහා ඉතිරිව ඇත්තේ තවත් පැය හයකටත් වඩා අඩු කාලයක්. 

අද මධ්‍යම රාත්‍රියෙන් පසු එළඹෙන නිහඬ කාල සීමාව තුළ ඡන්ද දායකයාට ස්වාධීනව සිය මතය තීරණය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ.

Neth Sound · ELE SAMAN 02

ලබන 06 වනදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 70,000කට අධික පිරිසක් ඉදිරිපත් වී සිටින අතර මධ්‍යස්ථාන 13,759කදී ඡන්ද විමසීම සිදු කෙරෙන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Neth Sound · ELE SAMAN 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here