මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 14ක් අත්අඩංගුවට

0
22


2025 මාර්තු 03 දින සිට ඊයේ (13) පස්වරු 6.00 දක්වා කාලය තුළ මැතිවරණයට අදාළ පැමිණිලි 154ක් ලැබී ඇති බව පොලිසිය පවසනවා.

ඊට මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 32ක් ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 122ක් ලැබී ඇති බව පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අපේක්ෂකයින් 14 දෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වනවා.

ඊට අමතරව ආධාරකරුවන් 46 දෙනෙක් ද අත්අඩංගුවට පත්ව ඇති අතර, රථ වාහන 11ක් ද අත්අඩංගුවට පත්ව තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here